මවුබිමේ සිදුවන අකටයුතුකම්, නැතිබැරිකම් ආදී මෙකි නොකී අඩුපාඩු රසකර දෙන දහසකුත් එකක් අඬෝවැඩියා වෙබ් අඩවි අතර රටේ සිදුවන යහපත් දෑ පිළිබඳ සුභවාදී සත්‍ය වාර්ථාකරණය...

Thursday, July 7, 2011

හම්බන්තොට වරාය නැව්වලට තෙල් සැපයීමට සුදානම්

හම්බන්තොට වරායේ ඉදිකළ තෙල් ගබඩා සංකීර්ණය ඉදිරි සැප්තැම්බර් මාසයේ දි මෙහෙයුම් ආරම්භ කරන බව වරාය අධිකාරිය පවසයි.
ඇමරිකානු ඩොලර් මිලියන 130ක වියදමින් ඉදිකෙරුණු මෙම ගබඩා සංකීර්ණයේ ධාරිතාව ඉන්ධන ටොන් 82000කි.
මෙම තෙල් ගබඩා සංකිර්ණය මගින් පහසු මිලට නැව් සඳහා ඉන්ධන සැපයීමට අපේක්ෂා කරන බවත් ඉල්ලුම ඉහළ යෑමේ ප‍්‍රමාණයට අනුව ඉදිරියේදි එය ඉන්ධන ලීටර මිලියන 4ක් දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
චීනයේ එක්සිම් බැකුව මගින් මෙම ව්‍යාපෘතිය සදහා ඩොලර් මිලියන 77ක මුදලක් ලබා දී ඇති අතර ඉතුරු මුදල ශී‍්‍ර ලංකා රජය මගින් ලබා දී තිබේ.


0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Favorites More